Friday, March 29, 2024

General line - 0115112241

ලකුණු 2ට සියල්ලන් දැවී ගිය කණ්ඩායමක්




ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් සමාජ කාන්තා එක්දින කි‍්‍රකට් තරගාවලියකදී කණ්ඩායමක් ලකුණු 2 කට සියලූදෙනා දැවී ගොස් තිබෙනවා. මෙලෙස දැවී ගොස් ඇත්තේ නාගලන්ඞ් නමැති කණ්ඩායමයි. කේරළ කණ්ඩායම ඔවුන්ගේ ප‍්‍රතිවාදින් වුණා.  

නාගලන්ඞ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලයෙන් එක් කී‍්‍රඩිකාවක් පමණක් එක් ලකුණක් රැස්කර ගත්තා. අනෙක් ලකුණ අතිරේක ලකුණක්. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කේරළ කණ්ඩායම ඉනිමේ පළමු පන්දුවේදීම හතරේ පහරක් එල්ල කර තරගය ජයගෙන තිබෙනවා.