Friday, March 29, 2024

General line - 0115112241

කොටි බංකරයක වළලා තිබු අවි තොගයක් විනාශ කෙරේ

රොමේෂ් මධුෂංඛ - වන්නි




මුලතිව් උදයාර්කට්ටු කුරුවිල් කැලෑවේ පැරණි එල්.ටී.ටී.ඊ බංකරයක වල දමා තිබූ යුද උපකරණ තොගයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් යටතේ අද (25) දින විනාශ කිරීමට පුදුකුඩිඉරිප්පු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබෙනවා

මුලතිව් ගුවන් හමුදා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් කොටි යුද උපකරණ වලදමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන තිබෙනවා. අදාල ස්ථානයේ වලදමා තිබූ පෝපලිං චාජර් 4ක්, එම්.එම්.ජී බැරල් 3ක්, ටී 56 ගිනි අවි කඳන් 02ක්, පුද්ගල නාශක පීඩන බෝම්බ 24 ක්, අත් බෝම්බ 02 ක්, කොටි සාමාජිකයින් පලඳන ලද වෙඩි නොවදන ආවාරණ තොගයක්, ෆූචස් 04ක්, බෙල්ට් 02ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩයක් මෙසේ සොයාගත් යුද උපකරණ අතර වනවා.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මෙම යුද උපකරණ තොගය වලදමා කොටි සාමාජිකයින් පලා යන්නට ඇති බවටත් අදාල යුද උපකරණ හමුවන විටත් දිරාපත්ව තිබුනු බවත් ආරක්ෂක අංශ අධිකරණයට කියා සිටියා.