Thursday, April 25, 2024

General line - 0115112241

ඊජිප්තුවේ තුන්සියයකට වැඩි පිරිසක් මරා දැමූ ප්‍රහාරයට මෙන්න දුන්න උත්තරය




සිනායි අර්ධද්වීපයේ දී සිකුරාදා දේව මෙහෙයක් අතරවාරයේ තුන්සියයකට වැඩි පිරිසක් මරා දැමූ ප්‍රහාරකයන්ට එරෙහිව "උපරිම බලය" යොදාගනිමින් ප්‍රතිචාර දක්වන බව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසි පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

බීර් අල් අබෙද් නගරයේ අල්-රව්ඩා  ගම්මානයේ පිහිටි පල්ලියට කඩා වැදුණ තුවක්කුකරුවන් බෝම්බයක් පුපුරුවා හැර ඉන් අනතුරුව පල්ලිය ඉදිරිපස රැක සිටි ප්‍රහාරකයෝ පලා යමින් සිටි බැතිමතුන්ට වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ප්‍රහාරයට ගොදුරු වූ පිරිස අතර යුද හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද විශාල සංඛ්‍යාවක් වනවා.

එය මෑත ඉතිහාසයේ ඊජිප්තුවේ දී එල්ල වූ බරපතලම ප්‍රහාරය වන අතර, මෙතෙක් කිසිවෙකුත් එහි වගකීම භාරගෙන නොමැති බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

එයට ප්‍රතිචාර වශයෙන් "ත්‍රස්තවාදීන්ගේ" ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊජිප්තු හමුදාව පවසනවා.