Friday, April 19, 2024

General line - 0115112241

දෙවියන්ට අපහාස කිරීමක් නිසා පාකිස්ථානය නොසන්සුන් (VIDEO) (PHOTOS)

ප්‍රබෝධා හෙට්ටිආරච්චි - අන්තර්ජාලය ඇසුරෙන්




පාකිස්ථානයේ ස්ලාමාබාද්හි ඉස්ලාමීය විරෝධතාකරුවන් පිරිසක් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් හටගත් උණුසුම්කාරී සිද්ධියක් නිසා 200 දෙනකු පමණ තුවාල ලබා තිබෙනවා.

කිහිපදෙනකු මියගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් ස්ලාමාබාද් නුවර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා යෙදවීමට පාකිස්ථානු රජය කටයුතු කර තිබෙනවා.  

ස්ලාමාබාදයේ පිහිටි අධිවේගී මාර්ගයේ ෆයිසාබාද් හුවමාරුවේදී පැවැති විරෝධතාවක් මෙම තත්ත්වයට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

පාකිස්ථානයේ නීති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා දෙවියන්ට හා ඇදහීම්වලට අපහාස කිරීම හේතුවෙන් ඔහු ධුරයෙන් නෙරපා දමන්නැයි ඉල්ලා මෙම විරෝධතා පැවැත්වුණා.

විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ නිවස පිහිටි භූමියට ද කඩාවැදී එම ගොඩනැගිල්ලට හානි කිරීමටයි කටයුතු කර තිබුණේ. මෙම විරෝධතාව වෙනත් ප‍්‍රදේශවලට ද පැතිරෙමින් තිබෙන බැවින් එම ප‍්‍රදේශ වෙත ද ආරක්ෂක හමුදා යෙදවීමටයි පාකිස්ථානු රජය තීරණය කර ඇත්තේ.