Wednesday, April 24, 2024

General line - 0115112241

හතුරුසිංහගේ පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පිළට නව නායකයෙක්

කසුන් කැලුම්




චන්දික හතුරුසිංහ ලබන මස සිට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩභාර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඔහු බංග්ලාදේශ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත්තේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීයි.

එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම්ගතව සිටින චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නේ නම් මාස 3කට පෙර එය දැන්විය යුතුව තිබුණා.

ඔහු බංග්ලාදේශය සමග ගිවිසුම්ගතව සිටියේ 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වායි. එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඔහු ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

චන්දික හතුරුසිංහ පත්වීමෙන් පසු ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමට නව නායකයකු පත්කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ.