Thursday, April 25, 2024

General line - 0115112241

අවසන් මොහොතේ තිසර ජය ගෙනෙයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




තිසර පෙරේරාගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ චිතගොංග් වයිකින්ග්ස් කණ්ඩායම සමග ඊයේ (25) පැවැති තරගයේ කඩුලූ 3කින් ජයගැනීමට රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග‍්‍රහණය වාර්තා කළේ කඩුලූ 7ක් පමණක්  බිඳවැටී තිබියදීයි. තිසර පෙරේරා පන්දු 14කදී දැවැන්ත 6 පහර 3ක් සමගින් නොදැවී ලකුණු 28ක් රැස් කළ.

තරගයේ ජයග‍්‍රහණය සඳහා රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 14ක් ලබාගත යුතුව තිබුණා.

ටස්කින් අහමද් යැවූ අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවේදී සහ අවසන් පන්දුවේදී 6 පහර 2ක් එල්ල කරමින් තිසර පෙරේරා සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. තරගය පැවැත්වුණේ චිතගොංග්හිදීයි.