Wednesday, April 24, 2024

General line - 0115112241

චීන කර්මාන්ත පුරයක පිපිරීමක් (VIDEO)




චීනයේ, නැගෙනහිර වරාය නගරයක් වූ නින්ග්බෝ නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරිම සිදුවී ඇත්තේ ජියාන්ග්බෙයි දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවක් තුළයි. සිද්ධියෙන් අසල ගොඩනැගිලි කිහිපයක්ද කඩා වැටී තිබෙනවා.

මේ වනවිට පුද්ගලයන් 30ක් පමණ රෝහල් කරා රැගෙන ගොස් ඇති බවත්, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

චීනයේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා පවතින ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය හඳුන්වනු ලබනවා.