Thursday, March 28, 2024

General line - 0115112241

දහස්කඩ කඨින චිවර වහන්සේ හෙට බුද්ධගයා පුණ්‍ය භූමියට වැඩම කෙරේ (PHOTOS)




බුරුම රාජ්‍යයෙන් සම්පාදනය කර ඕස්ටේ‍්‍රලියාවේදි විනය කර්ම සිදු කර ශ‍්‍රී ලංකාවට වැඩම කරන ලද දහස්කඩ කඨින චිවර වහන්සේ දඹදිව බුද්ධගයා පුණ්‍ය භූමියට හෙට (28) දිනයේ වැඩම කරවීමට නියමිතයි.

මෙම පුණ්‍ය කර්මය සංවිධාන කරන්නේ ට‍්‍රැවල් නෙත් ආයතනයයි.

මෙහිදී  ට‍්‍රැවල් නෙත් ආයතනයෙන් දඹදිව බලා යෑමට සූදානම් වූ දායක දායිකාවන් පිරිසකුත් පිටත්වීමට නියමිතයි.

මෙම පිංකම පිළිබඳ අදහස් දැක්වූ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක හිමියන් සඳහන් කළේ දහස්කඩ කඨින චිවර වහන්සේ වෙත හෙට දිනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේදී සියලු වත්පිලිවෙත් සිදු කර ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දඹදිව බලා වැඩම කරවීමට සූදානම් කර ඇති බවයි.

දඹදිව බුද්ධගයා පුද භූමියේදී සිදු කෙරෙන පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදි පැහැදිලි කිරීමක් සිදු කළා.
එහිදී "බුද්ධගයා ශුද්ධ භූමියේදී දහස්කඩ කඨින චිවර වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේට සියලු වත්පිළිවෙත් ඉටු කරමින් පූජා කරන්නට කටයුතු සිද්ධ කරනවා." යනුවෙන් සඳහන් කළා.