Wednesday, April 24, 2024

General line - 0115112241

යාපනය සරසවිය සරසයි - මහවිරු සැමරුමට සිසුන් සැරසෙයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල භූමිය සුදානම් කොට ඇති බව nethnews.lk වාර්තාකරු සඳහන් කරනවා.

අප වාර්තාකරු යාපනය ආරක්ෂක අංශවලින් සිදු කළ විමසීමකදී ඔවුන් ද පවසා ඇත්තේ අද (27) දහවල් යාපනය විශ්ව විද්‍යාල සිසුන් මහවිරු සැමරුම් වැඩසටහනක් සංවිධානය කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස කොටසේ මහවිරු සැමරුම වෙනුවෙන් විශාල පහනක ආකෘතියක් සකස් කොට ඇති අතර, කොඩි වැල්වලින් විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශ සරසා ඇති බවද දැකගත හැකි වනවා.

පහන් දල්වා, මල් පුදා යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් සෑම වසරකම සිදු කර ඇති බවද වාර්තා වනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායම් එම සංවිධානයේ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් සහභාගි වූ බවටද පසුගිය සමයේ අනාවරණය වු බවයි මෙහිදී යාපනය ආරක්ෂක අංශ වැඩි දුරටත් පවසා ඇත්තේ.