Thursday, March 28, 2024

General line - 0115112241

තීන්දුව විවේචනයට - දඬුවම් ලැබූ දසුන් ශානක පසුතැවිල්ලෙන් 




දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි දිනයේදී දසුන් ශානක  පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම හේතුවෙන් ලබාදුන් තීන්දුව  ශ්‍රී ලංකා කළමනාකරු අසංක ගුරුසිංහ විවේචනයට ලක් කර තිබෙනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ එම තීන්දුව වැරදි  බවට තමන්ට හැඟෙන බවයි.

චෝදනාව පිළිගත් දසුන් ශානකට තරග ගාස්තුවෙන් 75%ක දඩයක් නියම කරනු ලැබුවා.

දසුන් ශානක  පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම සැළසුම් කර කළ දෙයක් නොවන බවත්  ඔහු ඉන්නේ බලවත් පසුතැවිල්ලට පත්ව ඇති බවත් අසංක  ගුරුසිංහ සඳහන් කර තිබෙනවා.