Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාව දැවැන්ත ජයක් ලබයි




ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 239 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 18කට දැවී ගිය අතර ලහිරු තිරිමාන්න රැස් කළේ ලකුණු 23ක් පමණයි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉණිම ලකුණු 10කට සීමා වුණා. නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ලකුණු 17කටයි.

දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් ලකුණු නොලබා දැවී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 205ක් සහ දෙවැනි ඉනිම 166කට සීමා වුණා.

තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන විට ඉන්දීය කණ්ඩායම එකට බිංදුවක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

(මේ පිළිබඳ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..)