Saturday, April 20, 2024

General line - 0115112241

ලොව ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත "Big 5" ප්‍රදර්ශනයට "i-roof" එක් වෙයි




ලොව ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනයක් වන Big 5 සඳහා මෙවර  i-Roof නිෂ්පාදන පෙළ එක්ව තිබෙනවා.

මේ වන විට 38 වසරක් පුරා ඉතාමත් කීර්තිමත් ප්‍රදර්ශනයක් ලෙස සංවිධානය වෙන මෙය, ඩුබායිහිදී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතයි.

විකුණුම්කරුවා සහ ගැණුම්කරුවා අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකි මෙම වෙළඳ ප්‍රදර්ශනය තුළදි ලොව නව තාක්ෂණික නිෂ්පාදන රැසක් එළිදකිනවා. එමෙන්ම ඉදිකිරීම් සහ නව නිපැයුම් සම්බන්ධ දැනුම හුවමාරු කර ගැනීමටද මෙහිදී අවස්ථාව සැළසෙනවා. ඉදිකිරීම් අංශ දහසකටත් වැඩියෙන් මෙම ප්‍රදර්ශනයේදී ආවරණය කර තිබීමද විශේෂත්වයක්.

එළඹෙන නොවැම්බර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ඒ සඳහා මැද පෙරදිග රටවල්, ආසියාව, යුරෝපය හා ඇමරිකාව වැනි රටවල නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, වෙළඳුන් සහ සේවා සැපයුම්කරුවන් විශාල පිරිසක් සහභාගි වනවා.

ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ඉදිකිරීම්කරුවන්, කොන්ත්රාත්කරුවන්, උපදේශකයින් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් විසින් සහභාගී වන මෙම Big 5 ප්‍රදර්ශනය ගෝලීය ඉදිකිරීම් ජාලයක් වන අතර එහි සහ විශ්වසනීයත්වය ලොව පුරා කීර්තියට පත්ව තිබෙනවා.