Thursday, April 25, 2024

General line - 0115112241

විරාට් කෝලිට ඉන්දිය කණ්ඩායම විවේකය ලබාදෙයි

ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී නායක විරාට් කෝලි විවේක ගැන්වීමට ඉන්දියාව අද (27) තීරණය කළා. 

ඒ අනුව, මෙම තරගාවලියේදී ඉන්දිය පිල මෙහෙයවනු ඇත්තේ රෝහිත් ශර්මා විසින්. තරග 3කින් යුත් ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 10 වනදා ආරම්භ වනවා.
 
මේ අතර, දෙපිල අතර නාග්පූර්හි පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ඉණිමකින් සහ ලකුණු 239කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.  ඉන්දිය කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ ලැබූ විශාලම ජයග්‍රහණය ද ශ්‍රි ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ ලැබූ විශාලම පරාජය ද මෙයයි.

මෙම තරගයේදී ඉණිමක පරාජයෙන් බේරිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට 2වන ඉණිමේදී ලකුණු 405ක ඉලක්කයක් හිමි වුණා. 
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 166ක් පමණයි.
 
සිය ටෙසට් ක්‍රිකට් දිවියේ කඩුලූ 300 සම්පූර්ණ කිරීමට රවිචන්ද්‍රන් අශ්වින් මෙහිදී සමත් වුණා. 

ඔහු මෙම දක්ෂතාව දැක්වුයේ ටෙස්ට් ක්‍රිකට් තරග 54කට පමණක් සහභාගී වෙමින්. 

ඒ අනුව, ටෙස්ට් කඩුලූ 300ක් වේගයෙන්ම රැස් කළ පන්දු යවන්නා බවටද රවිචන්ද්‍රන් අශ්වින් පත් වුණා.