Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිව අනුගමනය කරනවා නම් කවුරු එක්වුනත් එජාපයේ විරෝධයක් නැහැ



වෙනම න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කළද රට සංවර්ධනය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.

ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිස්ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අනුගමනය කරමින් එක් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය කිසිඳු විරෝධතාවක් පළ නොකරන බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මෙම අදහස් පළ කළේ ඊයේ (27) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ දණ නමන බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

මෙම වැඩසටහනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ ද එක්ව සිටියා.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)