Wednesday, April 24, 2024

General line - 0115112241

නව අවුරුදු උදාවේදී මෙල්බන් නුවර ප්‍රහාරය සිදුකිරීමට සැලසුම් කළ තරුණයෙක් කොටුවෙයි




නව අවුරුදු උදාවත් සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සදහා සැලසුම් කළ තරුණයෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෝමාලියානු සම්භවයක් සහිත 20 හැවිරිදි මෙම තරුණයා අයි.එස්. ත්‍රස්තයන් සමග සබඳතා පවත්වන අයෙකු බවට තොරතුරු ආනාවරණය වී තිබෙනවා.

මොහු මෙල්බන් නුවර, වෙරිබි ප්‍රදේශයේ සිට ස්වංක්‍රීය ගිනි අවියකින් යොදා ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.