Wednesday, April 24, 2024

General line - 0115112241

පුංචි අම්මාගේ දුවත් සමග අතුරුදන් වූ මහේන්ද්‍රගේ සිරුරු ගැඹුරු වලකින් හමුවුණු හැටි (VIDEO/PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




මස්කෙළිය - ගවරවිල බාර්ග්‍රා්වි කොටසේ පදිංචිව සිට ඉකුත් (26) සිට අතුරුදහන්ව සිටි සොහොයුරා සහ නැගණියගේ සිරුරු දෙක නාවික හමුදාව විසින් මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔයේ අතුශාඛාවක් වන බාර්ග්‍රාඔයේ ගැඹුරු වලක තිබි මීටසුලු මොහොතකට පෙර ගොඩ ගනු ලැබුවා. 

මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙළිය, ගවරවිල වතුයායේ පදිංචි සුබ්‍රමනියමි මහේන්ද්‍රන් (28) සහ ඔහුගේ නැගණිය වන පරෙමිෂ්වරි මහාලෙචිචමි (18) යන අයගේ සිරුරුයි. 

මෙම දෙදෙනාගේ සිරුරු සොයා ගත් ස්ථානයට යාබදවම ඔවුන් පදිංචිව සිටි නිවස පිහිටා තිබෙන අතර මියගිය තරුණයා සහ තරුණිය ඉකුත් (26) වනදා තමන් සේවය කරන ගනේමුල්ල ප්‍රදේශයේ තම ස්වාමියාගෙන් කැබි රථය ලබා ගෙන තම බාල සොහොයුරියගේ වැඩිවියට පත්වීමේ උත්සවයට සහභාගි වීම සඳහා දෙදෙනාම පැමිණ තිබෙනවා. 

සිය නිවසට පැමිණි අවස්ථාවේදී අස්ථාන ගතවී තිබු ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියට පැමිණිල්ලක් කරන බවට බව පවසා නිවසෙන් සිය නැගනිය (පුංචිඅමිමාගේ දුව) සමග පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ගමන් ගත් කැබි රථය මස්කෙළිය ගාඩිමෝර් ප්‍රධාන මාර්ගයේ ගවරවිල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබෙන බවට ඥාතින් විසින් පොලිසිය වෙත ලබාදුන් පැමිණිල්ලක් මතයි මෙම දෙදෙනා සොයා මස්කෙළිය පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත්තේ.

ඔවුන්ගේ කැබි රථය ගාල් කර තිබූ ස්ථානයට යාබදවම බාර්ග්‍රාඔය ගලා බසින අතර එම ඇළ අසළ තිබී ඔවුන් දෙදෙනාගේ බවට සැකකෙරෙන පාවහන් යුවල සොයා ගත් අතර මියගිය තරුණයාගේ ජාතික හැදුනුම්පත කැබි රථයේ තිබි මස්කෙළිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම දෙදෙනාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සඳහා හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේද සහයෝගය ලබාගෙන තිබුණා. 

මෙම මරණය සියදිවි හානිකර ගැනීමක්ද යන්න සැකකරන මස්කෙළිය පොලිසිය මෙම මරණය අභිරහසක් බැවින් ගොඩ ගත් මළසිරුරු හැටන් මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂණ ටිරෝන් රත්නායක පැවසුවේ.