Saturday, April 20, 2024

General line - 0115112241

දෙමව්පියන් සොයා කිලෝමීටර් 80ක් බස් රථයක යට සැගවී දරුවන් දෙදෙනෙක් ගිය ගමන (PHOTOS)




තම දෙමව්පියන් සොයා බස් රථයක යට සැගවී කිලෝමීටර් 80ක දුරක් ගමන් කළ කුඩා ළමුන් දෙදෙනෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ ගුඇන්ෂි ප්‍රාන්තයෙන්.

ඉතා දුප්පත් ගම්මානයක ජීවත්වන ළමුන් දෙදෙනෙකු මෙලෙස අසල්වැසි ප්‍රාන්තයක සේවය කරන තම දෙමව්පියන් සොයා ගමන්කර තිබෙනවා.

ඔවුන් පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට පාසැලේ ගුරුවරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

බස් රථය ගමනාන්තයේ නතර කිරීමෙන් පසුව මෙම ළමුන් දෙදෙනා බස් රථයේ යට ඇති භාණ්ඩ ඇසුරුමේ සැගවී සිටින ආකාරය දැක ඇත්තේ ආරක්ෂක නිලධාරින් පිරිසක් විසින්. 

කිසිදු අනතුරකින් තොරව ළමුන් දෙදෙනා මෙලෙස හමුවීම පිළිබඳ බස් රථ සේවකයන් ද සතුට පළකර තිබෙනවා. 

මෙම ළමුන් දෙදෙනා පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ළමුන් භාරගෙන ඇති අතර සිද්ධියත් සමග ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ චීනයේ දැඩි කථා බහක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.