Friday, April 19, 2024

General line - 0115112241

අයහපත් කාලගුණය ධීවරයින්ට කළ අරියාදුව මෙන්න (PHOTOS)




ගල්කිස්ස ප‍්‍රදේශයේ නැංගුරම්ලා තිබියදී තද සුළඟට හසුව ගසාගෙන ගිය ධීවර යාත‍්‍රාවක් අද පස්වරුවේ ම්බලපිටිය වෙරළට ගොඩගැසුවා.

තද සුළං හේතුවෙන් ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින ධීවර යත‍්‍රා රැසකටද අලාභ සිදුව තිබෙනවා. ඒවා එකිනෙක ගැටීම නිසා මෙම අලාභ සිදුව ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ. ගාල්ල ධීවර වරායේ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයේ සහ ගාල්ල සහ අම්බලන්ගොඩ යාත‍්‍රා සුපරීක්ෂණ මධ්‍යස්ථානයේ වහලය ද ගැලවී ගොස් තිබෙනවා. මාතර දිස්ත‍්‍රික් යාත‍්‍රා සුපරීක්ෂණ මධ්‍යස්ථානයේ සහ මාතර ධිස්ත‍්‍රික් ධීවර කාර්යාලට ද සුළගෙන් අලාභ සිදුව තිබෙනවා.

මේ අතර දෙවිනුවර ප‍්‍රදේශයේ බහුදින ධීවර යාත‍්‍රාවක් කහමෝදර ප‍්‍රදේශයේදී අලාභහානි වලට ලක්ව වෙරළට ගොඩගසා තිබෙන බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ. එහි සිටි ධීවරයෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.

මීගමුවේ මරියගොරෙට්ටි නමැති බහුදින ධීවර යාත‍්‍රාව ද ඈත මුහුදේදි පෙරළී අනතුරකට ලක්ව තිබෙන බවයි ධීවර අමාත්‍යංශය පැවසුවේ. එහි ධීවරයන් වෙනත් යාත‍්‍රාවක් මගින් බේරාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.