Thursday, April 25, 2024

General line - 0115112241

කොට්ටාවේ වෙඩි තැබීම ගැන සොයන්න කණ්ඩායම් 3 ක් (UPDATE)

කේ බුද්ධික කුමාරසිරි - මොරගහහේන




කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක‍්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් පත් කර තිබෙනවා.

පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පැවසෙන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූයේ 42 හැවිරිදි දෙදරු මවක්. ඇය පාතාල සාමාජිකයෙකු බවට සැලකෙන ඉකුත්දා ඝාතනයට ලක්වූ සමයංගේ සමීප හිතවතියක් බවටයි වාර්තා වන්නේ.

---------------

කොට්ටාවේ කාන්තා ඝාතනයට හේතුව පාතාලය - රහස් රැසක් මෙන්න  (01-12-2017 17:42)

 

කොට්ටාව - රුක්මලේ බාලිකා නිවාස පාරේ නිවසක් තුළ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව පාතාල ගැටුමක් බව පොලිසිය පවසනවා. 

වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම කාන්තාව පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ සමයංගේ සමීපතම කාන්තාවක් බවයි කරණු අනාවරණය වී තිබෙනවා.

මෙම ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ සගයන් පිරිසක් විසින් එල්ල කර ඇති බවට සැකකරන අතර එවකට බන්ධනාගාර ගතව සිටි පාතාලයේ සමයංට රහසිගත තොරතුරු සැපයීමට, මෙම කාන්තාව සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා.

 

 

-------------------------------------------

කොට්ටාවේදී දෙදෙරු මවට වෙඩි වරුසාවක්! - මර්ණ තර්ජන හමුවේ සැඟවී දිවිගෙවූ මංජුලාට සිදුවූ දේ (PHOTOS) - (01-12-2017 10:04)

කොට්ටාව - රුක්මලේ බාලිකා නිවාස පාරේ, නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රියේ සිදු කල වෙඩි තැබීමකින් එම නිවසේ සිටි දෙදෙරු මවක් මිය ගොස් තිබෙනවා.

මුහුණු ආවරණ සහිතව නිවසට ඇතුළු වූ මෙම පුද්ගලයින් දෙදෙනා ගිනි අවි දෙකක්ද රැගෙනයි පැමිණ ඇත්තේ.

එහිදී මියගිය කාන්තාව දිව ගොස් සිය මවගේ ඇගේ එල්ලී බේරිමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී එක් තුවක්කුකරුවෙකු විසින් තැබූ වෙඩිල්ලකින් ඇය බිම ඇද වැටීමත් සමග තුවක්කුකරුවන් දෙදෙනාම විසින් වෙඩි ප්‍රහාර 14ක් පමණ තබා ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වූ බව කොට්ටාව පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් සිටියදී ඉකුත් ජනවාරි 17 වන දින එම රූපලාවන්‍යාගාරය තුලදී අතුරුගිරියේ බණ්ඩා නොහොත් ටනිල් බණ්ඩාර යන අය ආයතනයට අනුබල දීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස්ව පැමිණ සිටි මංජුලා සදුනි නැමැති 41හැවිරිදි දෙදෙරු මවක්.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මිය ගිය කාන්තාව මීට මාස කිහිපයකට පෙර බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ මර්ණ තර්ජන නිසාවෙන් එක් එක් ප්‍රදේශවල රහසිගතව දිවි ගෙවා ඇති බවත් සිද්ධිය වූ දින නඩු කටයුත්තක් සඳහා කඩුවෙල අධිකරණයට ගොස් දරුවන් හා සැමියා සිටින කොට්ටාවේ නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි කොට්ටාව පොලිසිය පවසන්නේ.

නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කොට්ටාව මහරගම, නවගමුව යන පොලිස් ස්ථාන නිලධාරීන් විසින් මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වනු ලබනවා.