Tuesday, April 16, 2024

General line - 0115112241

ඉදිරියේදීත් ලංකාවේ කලගුණය අයහපත්! ඕකී ගියත් අලුත් එකක් වර්ධනය වෙයි



‘‘ ඕකී’’ ලෙස නම් කර ඇති ඉකුත් දිනචලදී ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ වායුගෝලීය පද්ධතිය පිළිබඳ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් චේන්ජ් විශේෂ වැඩසටහනේදී ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.  ඕකී සුළි කුණාටුව අනුමාන කර ඇති ගමන්මගෙන් වෙනස් වී ආපසු ශ‍්‍රී ලංකාව වෙත හැරීමට ද හැකියාවක් තිබෙන බවටයි ඇතැම් අය මත පළ කර තිබෙන්නේ. එහෙත් ඒ සඳහා ඇත්තේ ඉතා විරල අවස්ථාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් පේ‍්‍රමලාල් මෙම සංවාදයේදී පෙන්වා දුන්නා. 

‘‘ ඕකී’’ සුළි කුණාටුව යළි ශ‍්‍රී ලංකාව වෙත නොපැමිණියත් ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ හැකි තවත් වායුගෝලීය පද්ධතියක් මේ වනවිට වර්ධනය වෙමින් පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සුළි කුණාටු වැඩි වශයෙන් ඇතිවිය හැකි කාලයක් බවද මෙහිදී සිහිපත් කෙරුණා. මෙම කාලය ඉන්දියානු සාගරයේ සුළි කුණාටු ඍතුව ලෙසද හැඳින්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.