Wednesday, April 24, 2024

General line - 0115112241

පාලමක එල්ලෙමින් සිටි දෙදෙනෙක් මුදාගැනේ 




අධිවේගි මාර්ගයක පාලමක එල්ලෙමින් තිබු මෝටර් රථයක සිටි කුවේට් ජාතිකයින් දෙදෙනෙකු මුදාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම සිදුවීම වාර්තා වන්නේ කුවේට් නගරයෙන්.

අධිවේගි මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ගමන් ගත් වෙනත් මෝටර් රථයක ගැටි මාර්ගයෙන් ඉවතට විසි වී පෙරළි ගොස් පාළමේ එල්ලෙමින් තිබී තිබෙනවා.

මෝටර් රථය තුල තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනාව රෝහල් ගත කිරීමට මුදවා ගැනීමේ කණ්ඩායම් පියවර ගත් අතර ආසන බඳපටි පැලද සිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ජිවිත ආරක්ෂා වූ බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.