Thursday, April 25, 2024

General line - 0115112241

"නෙත්" ඔබව මුදවා ගැනීමේ පාගමන කටුබැද්ද ජනතාව දැනුවත් කරයි (PHOTOS)(UPDATE)




වකුගඩු රෝගය නිසා පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කර තිබෙන ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමන සාර්ථකව කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුකෙරුණා.

මෙම පාගමන අද (02) නුගේගොඩ, කටුබැද්ද, ගාල්ල සහ ජා ඇළ යන ප්‍රදේශයන්හිදී ආරම්භ වුණා.

මෙම වැඩසටහන මගින් වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට මෙන්ම අනාගතයේ වකුගඩු රෝගයට ගොදුරු වන පිරිස්ද ඉන් මුදවා ගැනීම අරමුණයි. 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන "අයස්කාන්තය" ප‍්‍රාසාංගික අත්දැකීම ඔබට ලබා දෙන්නේ ඒ වෙනුවෙන්.

ඒ තුළින් ඔබට ජීවිතයේ කිසිදා අමතක නොවෙන වින්දනයක් වගේම ජීවිත විඳවමින් ඉන්න තවත් කොටසකට සහනයක් සළසනවා

 

-----------------------

ඔබට වින්දනයක් ඔවුන්ට විසඳුමක් - "නෙත්" ජනතාව දැනුවත් කරයි (02-12-2017 10:36)

වකුගඩු රෝගය නිසා පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කර තිබෙන ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අද (02) විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබුණා.

ඒ නුගේගොඩ, කටුබැද්ද, ගාල්ල සහ ජා ඇළ යන ප්‍රදේශයන්වලදීයි.

මෙම වැඩසටහන හරහා එලෙස වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට මෙන්ම අනාගතයේ වකුගඩු රෝගයට ගොදුරු වීමට සිටින පිරිස්ද ඉන් මුදවා ගැනීම අරමුණු කර තිබෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන "අයස්කාන්තය" ප‍්‍රාසාංගික අත්දැකීම ඔබට ලබා දෙන්නේ ඒ වෙනුවෙන්.

ඒ තුළින් ඔබට ජීවිතයේ කිසිදා අමතක නොවෙන වින්දනයක් වගේම ජීවිත විඳවමින් ඉන්න තවත් කොටසකට සහනයක් සළසනවා.
 

-----------------------------

 

අයස්කාන්තයට තව දින කිහිපයයි

(02-12-2017 05:40)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන අයස්කාන්තය ප‍්‍රාසාංගික අත්දැකීමට තවත් ඇත්තේ දින 7 ක කාලයක් පමණයි.

ඒ වෙනුවෙන් සැකසුණු විශේෂාංගයක් පහතින් දැක්වෙයි.

අයස්කාත්තය ප‍්‍රසංගයට අදාළ ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ඔබට තවදුරටත් විවෘතව පවතිනවා. 0112 50 70 80 අංකය අමතා ඒ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි.