Thursday, April 18, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ අවුලක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අතර මතභේදයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය මුල්කර ගනිමින්.

සෑම කොට්ඨාසය සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසටයි විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ඉල්ලා ඇත්තේ. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ඊට අකමැත්ත පළ කර තිබෙනවා. 

එමෙන්ම යාපහුව ප‍්‍රාදේශීය සභාවට අපේක්‍ෂකයින් තෝරා ගැනීම කල් දමන ලෙසට රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක ඒකාබද්ධ විපක්‍ෂයට දැනුම් දී ඇති බවද වාර්තා වනවා. තමන් දෙසැම්බර් මාසයේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමක් ඇති බවටත් ඉන් පසුව අපේක්‍ෂකයින් තෝරාගත හැකි බවටත් ඔහු දැනුම් දී තිබෙනවා.

එහෙත් ඊටද පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අකමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අතර සාකච්ඡාවක්ද පවත්වා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.