Thursday, March 28, 2024

General line - 0115112241

වසර 37ට පෙර අභ්‍යවකාශයට යැවූ යානයක් නැවතත් වැඩ අරඹයි (VIDEO)




වසර 37ට පෙර අභ්‍යවකාශයට යැවූ ඇමරිකානු නාසා ආයතනයේ වොයෙජර් එක (Voyager 1) ගවේෂන යානය නැවතත් නිසි මගට යොමු කිරීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය මේ වනවිට පෘථිවියේ සිට සැතපුම් බිලියන 13 ක් ඈතින් ස්ථානගතව තිබියදී එහි නිසි යාන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මක වීම ප්‍රාතිහාර්යයක් බවයි පරීක්ෂකයින් පෙන්වා දී ඇත්තේ.

මේ සඳහා පෘථිවියේ සිට මෘදුකාංග සන්නිවේදනයක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.