Friday, March 29, 2024

General line - 0115112241

පන්දුවෙන් ඇස ඉවතට නොගත් කෝලි වාර්තා පොතටම යයි (PHOTOS)

කසුන් කැලුම්




වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාවක් වාර්තා කළ නායකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි අද (03) වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ, සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග දිල්ලි හිදී පැවැත්වෙන 03 වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමත් සමගින්. 

බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක බ‍්‍රයන් ලාරා මීට පෙර වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කීවා. ඒ, ද්විත්ව ශතක 05ක් වාර්තා කරමින්.

විරාත් කෝලි ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් පසු මේ වනවිට ද්විත්ව ශතක 06ක් වාර්තා කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදීද විරාත් කෝලි ද්විත්ව ශතයක් වාර්තා කළා. 

ඒ අනුව පිට පිටම ටෙස්ට් ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ලොව 06 වන ක‍්‍රීඩකයා ලෙසද කෝලි මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා.

මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, වොලි හාමන්ඞ්, මයිකල් ක්ලාක්, විනෝද් කම්බ්ලි සහ කුමාර් සංගක්කාරයි.