Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිව් අබේසිංහ තැබූ වාර්තා චෙරන්ත ද සිල්වා බිඳ දමයි

කසුන් කැලුම්




සිංගප්පූරුවේ පැවැත්වෙන ජාතික පිහිනුම් ශූරතා තරගාවලියේ දී නව ශ‍්‍රී ලංකා වාර්තා 05ක් බිහි කිරීමට චෙරන්ත ද සිල්වා සමත් වුණා.

මැතිව් අබේසිංහ විසින් පිහිටවූ පිහිනුම් වාර්තා 03ක් ද චෙරන්ත ද සිල්වා විසින් මෙහිදී බිඳ දැමීම විශේෂත්වයක්.

මීටර් 100 නිදහස් ආර, මීටර් 200 සමනල ආර සහ මීටර් 50 සමනල ආර යන පිහිනුම් ඉසව්වලින් චෙරන්ත ද සිල්වා නව ශ‍්‍රී ලංකා වාර්තා පිහිටවූවා.  

මැතිව් අබේසිංහ විසින් පිහිටුවා තිබූ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාව ද චෙරන්ත විසින් මෙහිදී බිඳ දැමීමට සමත් වුණා.