Thursday, April 25, 2024

General line - 0115112241

ඔකී කුණාටුවෙන් ඉන්දීය ධීවරයන් 120ක් අතුරුදන්




අඩු පීඩන තත්ත්වයක් ලෙස වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවටද බලපෑම් කර බටහිර ඉන්දීය වෙරළ කලාපයට ඇදීගිය ඔකී සුළි කුණාටුව හේතුවෙන් ඉන්දීය ධීවරයන් 120 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 29 වැනිදා සිට කෙරළයේ පමණක් ධීවරයන්ගේ සිරුරු 16ක් මේ වනවිට සොයාගෙන ඇති අතර, එම ප්‍රාන්තයේ ප්‍රධාන ධීවර වරායන් දෙකක් ආශ්‍රිතව ධීවරයන් 80 දෙනෙකු අතුරුදන්ව සිටින බවත්, කුණාටුව හේතුවෙන් තවත් ප්‍රදේශවල ධීවරයන් 40 දෙනෙකු අතුරුදන්ව සිටින බවත් සඳහන්.

මෙම කාලගුණික තත්ත්වයද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද සඳහන් වන අතර, එයින් ඉන්දියාවට බලපෑමක් එල්ල වුවත්, සෘජුවම ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන් වන්නේ.