Wednesday, April 24, 2024

General line - 0115112241

පිරිසකට මරු කැඳවමින් බෝට්ටුවක් සහ නෞකාවක් එකිනෙක ගැටෙයි (PHOTOS)




මගී ප්‍රවාහනය කළ ධීවර බෝට්ටුවක් හා ටොන් 336ක් පමණ බර ඉන්ධන පිරවුම් නෞකාවක් සමග ගැටීමෙන් ධීවර බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අනුව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෙම බෝට්ටුවේ පුද්ගලයන් 22 දෙනෙකු ගමන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර අතුරුදන් පුද්ගලයන් අතර ධීවර බෝට්ටුවේ කපිතාන් ලෙස කටයුතු කළ තැනැත්තාද වන බව විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.