Friday, April 19, 2024

General line - 0115112241

ශ්වසන අපහසුතා වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සිවුදෙනකුට ඔක්සිජන් - කී‍්‍රඩක විවේකගාරය රෝහලක් වෙයි

කසුන් කැලුම්




ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ්වසන අපහසුතා ඇති වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සිවුදෙනෙකුට ඔක්සිජන් ලබාදීමට සිදු වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

 

කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ දිල්ලිනුවර සිට නෙත් ස්පෝර්ට්මන් වෙත කියා සිටියේ දිල්ලි නුවර පවතින දැඩි වායු දූෂණය හේතුවෙන් කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු වමනයද කළ බවයි.

 

"ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ඊයේ (02) පිටියේ පන්දුරැකීම සිදු කළේ ද මුඛවාඩම් පැළඳ ගෙන, දිල්ලි කී‍්‍රඩාංගණයේ පැවති වායු වායු දූෂණය ඊයේ (02) අපිට තදින්ම දැනුනා.

 

එහි වායු දූෂණය සිදුව ඇති අගය ඊයේ දිනයේ දහවල් සීඝ‍්‍ර ලෙස ඉහළ ගියා. මොකද ඊයේ අව්ව ආවේ නැහැ. මේ නිසා අපේ කී‍්‍රඩකයින් රැසකට හුස්ම ගන්න අමාරුවෙන් හිටියේ.

 

සමහරක් අපේ කී‍්‍රඩකයෝ වමනය කළා. සුරංග ලක්මාල්ටත් වමනය ගියා. විශේෂයෙන් ඉන් පසු ලක්මාල්ට, ලහිරු ගමෙගේ, ධනංජයද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩරේසටද අපට ඔක්සිජන් දෙන්න සිද්ධ වුණා.

 

අපේ ඩ‍්‍රසින්ග් රූම් එක හොස්පිටල් එකක් වගේ තිබුණේ.

 

පැත්තකින් ඔක්සිජන් සිලින්ඩර්. එ් වගේම වෛද්‍යවරු පස් දෙනෙකුත් අපිත් එක්ක හිටියා.

 

මේ නිසා අපට ලොකු ප‍්‍රශ්නයක් වුණා ඊයේ තරගයේදී පිටියේ පන්දු රැකීම සදහා අපට කී‍්‍රඩකයින් යොදවන්න.

 

මොකද අපේ කී‍්‍රඩකයෝ රෝගාතුර වීම නිසා අපට කී‍්‍රඩකයෝ හිටියේ නැති නිසා. අනිත්මට 10 දෙනයි හිටියේ පිටියේ.

 

කොහොම හරි පස්සේ විනිසුරුවන් අපට අපේ ටේ‍්‍රනර්ස්ලා පන්දු රැුකීම සදහා යොදවන්න අවසර දුන්නා. අපේ කී‍්‍රඩකයන් කිව්වේ රවි චන්ද්‍රන් අශ්වින් පන්දුවට පහර දෙන අවස්ථාවේ දැඩි අසීරුතාවකින් පෙලූනු බවයි.

 

මොකද එයාට එවලේ ගොඩාක් කැස්සත් ආවලූ. මෙම තත්වයත් සමග ඊයේ තරගය පැය භාගයකට පමණ නතර කරන්න සිදු වුණා."