Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිගෙන් කෝපයෙන් යුත් ට්විටර් පණිවුඩ මාලාවක්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතු ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් FBI කාර්යාංශය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවයි පෙන්වා දෙන්නේ.

FBI ආයතනයේ කීර්තිය විනාශ වී ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප් එය "ඉතිහාසයේ මෙතෙක් පැවති නරකම තත්ත්වය" ලෙස හඳුන්වා දී තිබෙන බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු උපදේශක මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අත්හැර දමන ලෙස FBI ආයතනයේ හිටපු ප්‍රධානී ජේම්ස් කෝමිගෙන් ඉල්ලීමක් කළ බවට එල්ල වන චෝදනාද ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.