Friday, March 29, 2024

General line - 0115112241

හමුදාව ඉදිකළ බුදු මැදුර හමුදාව ලවාම ඉවත් කරවන්න කියලා (PHOTO)

දිනසේන රතුගමගේ




කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරණ ලද බුදු මැදුර ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබෙනවා.

මෙම ස්ථානයේ බුදු පිළිමයක් ඉදි කරණ ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවයි මන්ත්‍රිවරයා වාරිමාර්ග නිලධාරීන්ට පවසා ඇත්තේ.

රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්‍රිවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද දැණුම්දී ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.