Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල 359/9 චන්දිමාල් නොදැවී ඉදිරියට

කසුන් කැලුම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනය අදයි.

දිනය නිමාවන විට පළමු ඉණිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 9ක් දැවී ලකුණු 359ක් ලබා සිටියා.

ඒ, ඉන්දිය කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 536ට පිලිතුරු වශයෙන්.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 147යි.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111කට දැවී ගියා.

තරගය පැවැත්වෙන්නේ දිල්ලි නුවර ෆිරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදියි.

------------------------------------------

චන්දිමාල් 10 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි (04-12-2017 15:44)

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දසවන ශතකය වාර්තා කිරීමට නායක දිනේෂ් චන්දිමාල් අද (04) සමත් වුණ.

, සත්කාරක ඉන්දිය කණ්ඩායම සමග දිල්ලි නුවර දැන් පැවැත්වෙන 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

චන්දිමාල් මෙම වර්ෂයේ වාර්තා කළ 3වන ටෙස්ට් ශතකය ද මෙය වනවා. පළමු ඉනිම ක්‍රීඩා කරන

ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 4ක් දැවී ලකුණු 292ක් ලබා සිටිනවා.

නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111කට දැවි ගියා. සදීර සමරවික්‍රම නොදැවී ලකණු 22යි.

ඉන්දිය පළමු ඉණිමට, ශ්‍රී ලංකාව තවත් ලකුණු 244.ක් පිටුපසින් සිටිනවා. අතැතිව ඇත්තේ කඩුලූ 6ක් පමණයි.