Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම සියලුම ක්‍රියාමාර්ග ගන්න සූදානම්



ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සැමවිටම මැතිවරණ කොමිසම පෙනී සිටින බව එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

ඔහුු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (04) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින්. මෙහිදී සාකච්ඡා කෙරුණේ ඉදිරි පලාත් පාලන මැතිවරණය පිළිබඳවයි.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සියලූ නීතිමය ක‍්‍රියා මාර්ග ගන්නා  බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ද ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්ව සිටියා.

(නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)