Thursday, April 25, 2024

General line - 0115112241

මීට වසර 10කට පෙර මිහිදන් කළ කන්‍යා සොහොයුරියන් සහ පියතුමන්ලා 15 දෙනෙකුගේ සිරුරු ගොඩ ගැනේ (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මන්නාරම, තලෙයි මන්නාරම මාර්ගයේ පැවති සුසාන භූමියක් කැනීම් කර එහි මිහිදන් කර තිබූ සිරුරු 15 ක් ඊයේ (04) සවස ගොඩ ගනු ලැබුවා.

මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා ඉදිරිපිටදී මෙම සිරුරු ගොඩ ගැනීම සිදු කෙරුණා.

මීට වසර 10 කට පමණ පෙර මන්නාරම පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබු මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බවයි මන්නාරම පොලිසිය පැවසුවේ.

මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිරුරු ගොඩ ගැනීම සිදු කෙරුණා.

මෙම සුසාන භූමිය කතෝලික සුසාන භූමියක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබු අතර, පසුකාලීනව එහි සියළු දෙනාගේ සිරුරු මිහිදන් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් මෙලෙස ගොඩ ගැණුනු  කතෝලික සභාවේ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන්ගේ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ සුසාන භූමියක මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත ගොඩගෙන ඇති බවයි මන්නාරම පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.