Friday, April 19, 2024

General line - 0115112241

වායු ගෝලයට ඇතුළු වූ උතුරු කොරියානු මිසයිලය ගුවන් යානයක පිරිසකට පෙනුණ හැටි මෙන්න (VIDEO/PHOTOS)




උතුරු කොරියාව පසුගිය සතියේ අත්හදා බැලූ නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය යැයි සැකකළ හැකි දර්ශනයක් ජපානයට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක කාර්ය මණ්ඩලය දැක ඇති බව කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සමාගම පවසනවා.

එම ගුවන් යානය ඇමරිකාවේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබූ යානයක් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

මෙම ගුවන් සමාගම පවසා ඇත්තේ මිසයිලය වායු ගෝලයට යළිත් ඇතුළු වන ආකාරයේ දර්ශනයක් තම කාර්ය මණ්ඩලයට නිරීක්ෂණය වී ඇති බවයි.

උතුරු කොරියාවට අනුව ඇමරිකාවේ ඕනෑම තැනකට එල්ල කළහැකි, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඔවුන් විසින් අත්හදාබලනු ලැබුවේ නොවැම්බර් 29 වෙනිදායි.

මෙම මිසයිල අත්හදා බැලීමේදී ජපාන භූමියට ඉහළින් පියසර කිරීමක් සිදු නොවූවත්, ජපාන මුහුදට එම මිසයිලය පතිත වී තිබෙනවා.

එම අවස්ථාවේදී යම් අනතුරක් සිදුවීමකට ඇති අවස්ථාව ඉතා අවම වුවද, ගුවන් සමාගම් මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.