Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ කොටස් වෙළඳපොල පහළට




කොළඹ කොටස් වෙළඳපොල අද දිනය අවසානයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 15.36 කින් පහළ ගොස් ඇති අතර එය සියයට 0.24 ක පහත වැටීමක් .

අද (05) දිනය අවසානයේ දී කොටස් වෙළඳපොල ඒකක 6390.55 ක් ලෙස සටහන් වූණා.

මේ අතර, එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 04.43 කින් පහළ ගොස් ඇති අතර එය ද ඒකක 3716.50 ලෙස සටහන්ව තිබෙනවා.

එම අගයද සියයට 0.12 ක පහත වැටීමක්.

අද (05) දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 918 ක්.