Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලද එක්දින කණ්ඩායම පිටවෙයි - ජුනි මාසයෙන් පසු සංචිතයට කැඳවූ ක්‍රීඩකයාත් එක්වෙයි




නිසි අවසරයකින් තොරව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායම ඉන්දියාවට පිටත්කර හැරීම පිටුපස සිටින්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියාසිටියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාම තමා මෙන්ම කි‍්‍රකට් සභාපතිවරයා පවා නොදැන සිටි බවයි. 

ඉන්දියාව බලා පිටත්ව යාමට ගුවන් තොටුපොලට ගොස් සිටි ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට අයත් කී‍්‍රඩකයින් නව දෙනෙකු යළි කැඳවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා පියවර ගත්තා. සංචාරය අවලංගුවීම හේතුවෙන් කිසියම් ගාස්තුවක් ගෙවීමට සිදුවන්නේ නම් එය කි‍්‍රකට් ආයතන නිලධාරීන්ගෙන් අයකර ගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලද 16 දෙනෙකුගෙන් යුත් ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට අයත් කී‍්‍රඩකයින් නව දෙනෙකු අද (06) අළුයම ඉන්දියාව බලා පිටත්ව ගියා. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් සංචිතයට කුසල් ජනිත් පෙරේරාද නම් කර සිටීම විශේෂත්වයක්. ඔහු ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවුයේ ඉකුත් ජුනි මාසයෙන් පසුවයි. ඒ, කුසල් ජනිත් ආබාධයකට ලක්වීම හේතුවෙන්. 

ආබාධයකට ලක්ව සිටි තුන්ඉරියව් කී‍්‍රඩක අසේල ගුණරත්නද ශී‍්‍ර ලංකා සංචිතයට අයත්. ඔහුද ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කැඳවන්නේ ඉකුත් ජූලි මාසයෙන් පසු ප‍්‍රථම වරටයි. ශී‍්‍ර ලංකා ඉන්දියා පළමු එක්දින තරගය ලබන 10 වැනිදා ආරම්භවීමට නියමිතයි.