Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දීය දොස්තරලා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විවේකාගාරයට ඇවිත් - ඇතැම් ක්‍රීඩකයන් වෛද්‍ය පරීක්‍ෂණයට භාජනයවීම ප‍්‍රතික්‍ෂේප කරලා ලු

තරංග රුක්ෂාන් ජයසේකර




දිල්ලි නුවර පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර ශ්වසන අපහසුතාවලට ලක් වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක විවේකාගාරයට පැමිණ තිබෙනවා.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම පරීක්‍ෂා කිරීම් සිදුකළ බවයි.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් යැයි එහිදී තහවුරු වූ බවද වාර්තා වෙනවා. එහෙත් ඇතැම් කී‍්‍රඩකයින් මෙම වෛද්‍ය පරීක්‍ෂණයට භාජනයවීම ප‍්‍රතික්‍ෂේප කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ශ්වසන අපහසුතා හේතුවෙන් ඉන්දීය වේග පන්දු යවන කී‍්‍රඩක මොහොමඩ් සාමිද වමනය කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.