Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම වෙනස සමග පුළුල් හා ශක්තිමත් දත්ත පහසුකම් තරගකාරී මිලකට




ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සුවිශේෂී පරිවර්තනයකට ලක්ව තිබෙනවා.

අති නවීන TIER 3 දත්ත මධ්‍යස්ථානයක් පිටිපන ප‍්‍රදේශයේ ඉදි කර ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ සහ වැලිකඩ පිහිටි බහුවිධ දත්ත මධ්‍යස්ථාන අතර අන්තර් සබඳතාවක් ගොඩ නැගීම මඟින් මෙම තත්ත්වය උදා වී තිබෙනවා.

මෙම පරිවර්තනයත් සමඟ පුළුල් හා ශක්තිමත් Co-location දත්ත පහසුකම් සහ Data Hosting පහසුකම්, තරඟකාරී ගාස්තු යටතේ ලබා දීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව උදා වනවා.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනීය අවධිය මධ්‍යයේ වුව ද සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උපායමාර්ගයේ වැදගත්ම අංගයක් ලෙස ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය දත්ත මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කළා.

මෙම දත්ත මධ්‍යස්ථාන දැනටමත් උසස් හා ක‍්‍රියාකාරී තොරතුරු තාක්ෂණ පද්ධති මඟින් සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට ක‍්‍රියා කර ඇති අතර ඒමඟින් නව සේවා සම්පාදක අවස්ථාවන් විවිධ ආයතන හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසායකයන් වෙත සැලසීමට ද කටයුතු කර තිබෙනවා. 

තොරතුරු තාක්ෂණ පහසුකම් සැම තැන සැමවිට යන ආකෘතිය සාක්ෂාත් කර ගැනීමට උත්සුක වන ප‍්‍රධාන විධායක නිලධාරීන්, ප‍්‍රධාන තොරතුරු නිලධාරීන්, ප‍්‍රධාන තාක්ෂණික නිලධාරීන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් හට වැඩි පහසුකම් සැලසීමට සමාගම අපේක්ෂා කරනවා.

එහිදී නිසි ක‍්‍රියාකාරීත්වය, වැඩි ක‍්‍රියාකාරී බව සහ අතිරික්ත ධාරිතාවක් මඟින් දෝෂ කළමනාකරණය යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන බවද පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි නව දත්ත මධ්‍යස්ථානය යෝජිත නව තාක්ෂණ නගරයේ පිහිටා ඇති අතර එය racks 500 ක ධාරිතාවකින් සමන්විත වනු ඇති. අවශ්‍ය පරිදි ධාරිතාව ඉහළ නැංවීමේ ප‍්‍රතිපාදන ද එය සතුයි. සිය ප්‍රග්ධන වියදම් (CAPEX) හා මෙහෙයුම් වියදම් (OPEX) ඵලදායීව කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි කුලී පදනම මත racks ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ද පවතිනවා.

පාරිභෝගිකයින් තමන්ගේම දත්ත මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට වැය කරන මුදලට සාපේක්ෂව මෙහි කුලිය ඉතා අවම වනු ඇති. ධාරිතාව, ආරක්ෂාව, ආපදා කළමනාකරණය යනාදී කරුණු සම්බන්ධයෙන් වන විශේෂඥ දැනුම සහ ඊට වැය වන වියදම දැරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් අපේක්ෂා කරන බවද පෙන්වා දෙනවා.