Friday, April 19, 2024

General line - 0115112241

3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් (UPDATE)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවති 3වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (06) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඉන්දිය කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 536ක් රැස් කළ අතර, ට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පලමු ඉණිමට ලකුණු 373ක් රැස් කළා.  

ඉන්දිය කණ්ඩායම 2වන ඉණිමට කඩුළු 5ක් දැවී ලකුණු 246ක් ලබා සිටි අවස්ථාවේදී සිය ඉණිම අත්හිටුවන ලැබුවා. ඒ අනුව, ශ‍්‍රී ලංකා කණ්ඩායමට 2වන ඉණිමේදී ජයග‍්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 410ක්. එම ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් දිනය නිමා වනවිට කඩුළු 5ක් දැවී ලකුණු 299ක් ලබා සිටියා. රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74යි. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 44ක් රැස් කර ගත්තා.

තරගය පැවැත්වුණේ දිල්ලි නුවර ෆිරෝස් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණියේදියි. 

-----------------------------------------------------------------

දිවා විවේකයට පෙර ශ්‍රී ලංකාව ලකුණු 291ක් පසුපසින්

06-12-2017 13:02

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු සංඛ්‍යාව 119 රැස්කරගෙන සිටියා. ඒ අනුව ශී‍්‍ර ලංකාව තවත් කඩුළු 6 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 291 ක් පිටුපසින් සිටිනවා. 

නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 27 ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 72 ක් රැස්කර ගනිමින් පන්දුවට පහර දෙමින් සිටිනවා. ධනංජය අද රැස් කළේ ඔහුගේ ටෙස්ට් දිවියේ 3 වන අර්ධ ශතකයයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස පළමු ඉනිමේදී ශතකයක් රැුස් කළ ඇන්ජලෝ මැතිව්ස් දැවි ගියා. ඒ, එක් ලකුණකටයි.