Saturday, April 20, 2024

General line - 0115112241

'ඩිස්නි තත්ත්වයේ විනෝද උද්‍යානය නෑ..නෙළුම් මල කණුව වටා කැරකෙන්නේ නෑ..' - නෙළුම් කුළුණේ ඇත්ත මෙන්න(VIDEO)

සුගත් ධර්මප්‍රිය/චතුරංග සූරියආරච්චි




නෙළුම් කුළුණ ලාංකේය තාක්ෂණ හුවමාරුවේ තෝතැන්න වී ඇති බව ඒ ගැන කතා කරන මෙරට බහුතරය නොදත් කරුණක්.

මෙරට සහ පිටරට විවිධ කෝණයන්ගෙන් මේ කුළුණ දෙස බලන අතර එය ඉන්දියානු සාගර කලාපයේ රහස් ඔත්තු බැලීම සඳහා ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ශ්‍රවණ මුරපොළක් සඳහා චීනය මෙය භාවිතා කරන බවට ඉන්දියානු උපාය මාර්ගික විශ්ලේෂකයෙකු වන භෂ්කර් රෝයි නැමැත්තා දැඩිව චෝදනා කළා.

එමෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පසුගිය දා චෝදනා කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මැතිවරණ ලාංඡනය වන පොහොට්ටුව ලෙස එය දිස්වන නිසා ගලවා දමන සැළස්මක් ඇති බවටයි.

මෙවැනි අදහස් රැසක් මැදින් නෙළුම් කුළුණ අද අහසට නැගී ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේ රටට සන්නිවේදනයේ නවමු අත්දැකීමක් ලබා දෙන බවට සළකුණු තබමිනුයි.

එහෙත් ඔබ දන්නවාද ?.. නෙළුම් කුළුණ අද අහසට එන්නේ එය පහතින් ඉදි කිරීමට සුදානමින් සිටි ඩිස්නි තත්ත්වයේ විනෝද උද්‍යානය නොමැතිව බව.

උස මීටර් 356.3ක් වන මෙහි නෙළුම් මල කණුව වටා කැරකෙන බවට මෙරට ජනතාව අතර විශ්වාසයක් තිබුණා. එහෙත් එහි ඇත්තේ ද අර්ධ සත්‍යක් පමණයි.

නෙළුම් කුළුණේ ඇත්ත කතාව පහතින් නැරඹිය හැකියි.