Thursday, April 25, 2024

General line - 0115112241

හදන්න බැරිනම් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා




ක‍්‍රිකට් ආයතනයේ ඡන්ද ක‍්‍රමයේ වෙනසක් තමන් අනිවාර්යයෙන් සිදු කරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

"ක්‍රීඩා සමාජවල ඡන්ද වලට බය වෙලා ඉන්නේ ඇතැම් ක්‍රීඩකයෝ සහ නායකයෝ. ඡන්ද නිසා ක්‍රීඩා සමාජවල ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් කරනව. ක්‍රිකට් වැටෙනවනම් මම ක්‍රීඩා සමාජවල නායකයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ. මට මේක කරන්න බැරිනම් කවුරු සභාපති වුණත් කමක් නෑ මම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහරිනව. වෙන කරන්න දෙයක් නැහැ." යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා