Friday, April 26, 2024

General line - 0115112241

දුම්රිය මගීන්ට බස් සේවා සැළසෙන්නේ මෙහෙමයි (UPDATE)




දුම්රිය ගමන් අඩාලවීම නිසා පීඩාවට පත්ව සිටින මගීන් වෙනුවෙන් අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරී - ධාවන, පී. එච්. ආර්. ඩී. චන්ද්‍රසිරි පැවසුවේ මෙම අතිරේක බස්රථ ද ඇතුළුව ශ‍්‍රී ලංගම බස් රථ 5600ක් පමණ අද (07) ධාවනයේ යෙදෙන බවයි. 

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කෙරුණු ඉල්ලීමකට අනුව නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රිය 02ක් වෙනුවට අධි සුඛෝපභෝගී බස් රථ ද ධාවනයේ යෙදවූ බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි මගීන් වෙනුවෙන් විශේෂ සහන ලබාදීමට ද අවධානය යොමුව ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

ශ‍්‍රී ලංගම අතිරේක බස්රථ ධාවනයට යෙදවීම මතුවන අවශ්‍යතාව අනුව සිදු කරන බවද එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරී - ධාවන, පී. එච්. ආර්. ඩී. චන්ද්‍රසිරි මෙහිදී කියා සිටියා. 
 

-----------------------------------------

දුම්රිය මගින්ගේ පීඩා අවම කරන්න ලංගමින් පිළිතුරක්

(07-12-2017 08:07)

 

මගීන්ට සිදුවන පීඩා අවම කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අතිරේක බස් ධාවනයට යොදවන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

අද (07) දිනයේ ක්‍රියාත්මක කෙරෙන දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්  ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙම අදහස් පළ කළා.

මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා.

වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන පීඩා අවම කිරීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර තිබෙන බවද ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙහිදී ප‍්‍රකාශ කළා.