Wednesday, April 24, 2024

General line - 0115112241

පීඩන අවපාතයේ ගමන් මග ගැන පැහැදිළි කිරීමක්

ඩිල්ෂාන් මඩවල




බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ වර්ධනය වූ පීඩන අවපාතය මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් තිබුණත් වෙරළේ සිට කිලෝමීටර් 400ක් පමණ ඈතින් වන ඇතැම් මුහුදු ප‍්‍රදේශවල තවදුරටත් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන එහි අධ්‍යක්‍ෂ ජනරාල් සරත් පේ‍්‍රමලාල් සඳහන් කළේ "පීඩන අවපාතය ත්‍රීකුණාමලයේ සිට කිලෝමීටර් 850 පමණ ඈතින් ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා. මේක ඉදිරි කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් බවට පත් වෙනවා. මෙහි ගමන් කිරීම තියෙන්නේ උතුරු දෙසට බරව වයඹ දෙසටයි.." යනුවෙනි. 

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි දින දෙකේ ද ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීම වඩා සුදුසු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.