Tuesday, April 16, 2024

General line - 0115112241

තරාගාවලිය පැරදුනත් චන්දිමාල් පෙරට




ඉන්දීය කණ්ඩායම සමග පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් දක්‍ෂතම ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතරට පැමිණ තිබෙනවා. එම තරගාවලියේදි ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

මීට පෙර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ 17 වන ස්ථානයේ පසු වූ දිනේෂ් චන්දිමාල් මේ වනවිට එහි පසුවන්නේ 9 වන ස්ථානයේයි. මෙම තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහුට ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ හිමිව ඇත්තේ 23 වන ස්ථානයයි

. මෙම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ විරාත් කෝලි ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. එහි පෙරමුණ ගෙන සිටින්නේ  ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්.