Wednesday, April 24, 2024

General line - 0115112241

යාපනයේ ප්‍රචණ්ඩ ක්‍රියා කළ 06ක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ




යාපනයේ පසුගිය සමයේ සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (07) වඩුක්කෝඩෙයි පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අත් අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මේ හය දෙනා යාපනයේ විවිධ පළාත් වලින් අත් අඩංගුවට  ගෙන ඇති අතර පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගන්නා විට ඔවුන් යාපනයේ වෙළෙද සැල් වල හා වෙනත් ස්ථාන වල සේවය කරමින් සිටි බව පොලීසිය පවසනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කළ අවස්ථාවේදී එම නිවෙස් වල තිබී කඩු දෙකක් ඔවුන්ට අයත් නොවන දුරකතන දෙකක් පොලීසිය විසින් සොයාගෙන ඇත. සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් හයදෙනා  ලබන 21 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට යාපනය දිසා විනිසුරුවරයා නියෝග කොට තිබෙනවා.