Friday, April 19, 2024

General line - 0115112241

ජනපති සහ හිටපු ජනපති පසඳගේ මංගල දිනයේ ප්‍රසිද්ධියේම කතා කළ දේ




ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ සහ එක්‌සත් ජාතික පක්‌ෂයේ හිටපු අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිගේ මිණිබිරියක වන ජනාසී අතර කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයේ මනාල යුවළ වෙනුවෙන් සාක්‌ෂිකරුවන් ලෙස අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්වරුන්ය.
 
මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද සාක්‌ෂියට අත්සන් තැබුවා.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (07) පෙරවරු 10.45 ට පමණ හෝටලයට පැමිණ අසුන් ගෙන සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද එම ශාලාවට පැමිණ ඉදිරියට ගමන් කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටිනු දැක ඇත. ඉන්පසු මහින්ද රාජපක්‌ෂ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටි මේසය වෙත ගොස්‌ "ආයුබෝවන්" කියමින් ජනාධිපතිවරයාට ආචාර කර තිබෙනවා. මහින්ද රාජපක්‌ෂ මහතා තමන් වෙත පැමිණෙනු දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වහාම නැගිට ඔහුට ආයුබෝවන් කියමින් ආචාර කර තිබෙනවා.
 
ඉන්පසු දෙදෙනා ඉතා සුහද කතාබහක නිරත වූ ආකාරය දක්නට ලැබුණා. එම කතා බහ විනාඩි 20ක් පමණ පැවැත්වූ අතර  මෙය මංගල උත්සවයට පැමිණ සිටි කාගේත් අවධානයට ලක්‌ වූ සිදු වීමක්‌ විය. මෙම කතාබහේදී දේශපාලන තත්වය ම්බන්ධයෙන්ද දෙදෙනා කතා කර තිබෙනවා. ඒ දුටු බොහෝ දෙනෙක්‌ ජනාධිපතිවරුන් දෙපළ අසලට පැමිණියා.
 
ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‌ෂ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා එකිනෙකා හමු වී මෙතරම් වේලාවක්‌ සුහද කතාබහක නිරත බවට වාර්තා වූයේ මෙහිදීය. මේ අවස්‌ථාවට රජයේ ශ්‍රීලනිප සහ එජාප මැති ඇමැතිවරුන් රැසක්‌ මෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු රැසක්‌ ද සහභාගි වී සිටියා.