Friday, April 19, 2024

General line - 0115112241

පාසල් නිවාඩුව අද ඇරඹේ

නිශාන් ද සිල්වා




3 වන පාසල් වාරය අදින් අවසන් වනවා. 2018 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමට යොදා ගන්නා පාසල්  ආරම්භ කෙරෙන දිනය පසුව දන්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වනදා ආරම්භ වන අතර එය අවසන් වන්නේ ලබන 21 වන දිනයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් හය ලක්‍ෂ අසූ අට දහස් අටසිය පනස් දෙදෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ. දිවයින පුරා මධ්‍යස්ථාන පන්දහස් එකසියයකදී විභාගය පැවැත්වෙනු ඇති.

අපේක්‍ෂකයන්ට යොමු කර ඇති ප‍්‍රවේශ ඉල්ලූම් කර ඇති විෂයන් සහ මාධ්‍ය සහ අත්සන සහතික කිරීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. ඒවායෙහි යම් වෙනසක් ඇත්නම් කඩිනමින් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.