Friday, April 19, 2024

General line - 0115112241

ඉදිරි සතිය ගැන බලාපොරොත්තු තබමින් කොළඹ කොටස් වෙළඳ පොළ සතියේ ගණුදෙනු අවසන් කරයි

කොළඹ කොටස් වෙළඳ පොල ඇසුරෙන්




කොළඔ කොටස් වෙළඳ පොල මෙම සතිය ආරම්භයේ සිට අද (08) දින ගණුදෙනු අවසානය දක්වා කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් නොකළ අතර තරමක පසුබෑමකට ලක්ව තිබෙනවා.

සතිය ආරම්භයේ පටන් අවසානය දක්වා අවස්ථා කිහිපයක දී තරමක ඉහළ යාමක් පෙන්නුම් කළත් අවස්ථා ගණනාවක දී පසුබෑමකට ලක්වුණා.

කොළඹ කොටස් වෙළඳපොල අද (08) දිනය අනසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 07.74 කින් පහළ ගොස් ඇති අතර එය සියයට 0.12 ක පහත වැටීමක්.

ඒ අනුව දිනය අවසානයේ දී ඒකක 6,375.21 ක් ලෙස සටහන් වූණා.

මේ අතර, එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 4.89 කින් ඉහළ ගොස් ඇති අතර එය ද ඒකක 3,717.50 ලෙස සටහන්ව තිබෙනවා.

එම අගයද සියයට 0.13% ක ඉහළ යාමක්.

පෙර දිනයට සාපේක්ෂව එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය අද (08) දිනයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළා.

අද (08) දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 820 ක් වන අතර කොටස් මිලියනයට අධික සංඛ්‍යාවක් හුවමාරු වී තිබුණා.

කෙසේ වෙතත් අද (08) දිනයේ දී කොළඔ කොටස් වෙළඳපොළ ගණුදෙනු මධ්‍යස්ථව සිදුව ඇති අතර දිනය අවසානයේ පෙන්නුම් කළ සුළු වර්ධනය ඉදිරි සතියේ දී සුබදායී වනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග කියා සිටියේ.