Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දීය අභියෝගයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් සභාපතිගෙන් පැසසුම්




දැඩි පීඩනය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දීය සංචාරයේ දී දැක්වූ උනන්දුව, කැපවීම හා ජීව ගුණය පැසසුමට ලක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලූ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවයට සුභාශිංෂණ පළ කරන බවයි ඔහු කියා සිටියේ.

ඉන්දියාවට එරෙහි 03 වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ ප්‍රසාද ලකුණු 02ක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 96ක්.